ශ්‍රී ලංකා තරගාවලිය, ඉන්දීය කණ්ඩායමේ ඉදිරි තරගාවලි කාලසටහන් අතරට !!!

එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ දේශීය තරග කාලසටහන නිවේදනය කොට ඇති බවට එරට මාධ්‍ය වාර්තා කොට ඇත. ඒ අනුව ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කණ්ඩායම් 4ක් සමග එරටදී තරගාවලීන්ට ක්‍රීඩා කිරීමට නියමිතය.

එම කණ්ඩායම් වනුයේ නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාවයි. විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් තරග 2ක් හා විස්සයි විස්ස තරග 3ක් වෙනුවෙන් ඉන්දීය සංචාරයකට එක්වීමට නියමිතය.

ඉන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එළඹෙන පෙබරවාරි මාසයේදී එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් වෙනුවෙන් ඉන්දියාවට පැමිණෙනු ඇත. එම තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 2ක් හා විස්සයි විස්ස තරග 3ක් වෙනුවෙන් ඉන්දියානු සංචාරයට එක්වීමට නියමිතය.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය පෙබරවාරි මස 25 සිට මාර්තු 1ක දක්වා බැංගලෝර්හිදීද දෙවන තරගය මාර්තු 5 සිට 9 තෙක් මොහාලිහිදීද පැවැත්වෙයි. විස්සයි විස්ස තරග ත්‍රිත්වය මාර්තු 13,15 හා 18 දිනයන්හිදී මොහාලි, ධර්මසාලා හා ලක්නව් යන නගරවලදී පැවැත්වීමට සැලසුම් කොට ඇත.

ඉන්දීය කණ්ඩායමේ දේශීය තරග කාලසටහන

India vs New Zealand (2021)

1st T20I: November 17, Jaipur
2nd T20I: November 19, Ranchi
3rd T20I: November 21, Kolkata
1st Test: November 25-29, Kanpur
2nd Test: December 03-07, Mumbai

India vs West Indies (2022)

1st ODI: February 06, Ahmedabad
2nd ODI: February 09, Jaipur
3rd ODI: February 12, Kolkata
1st T20I: February 15, Cuttack
2nd T20I: February 18, Vishakhapatnam
3rd T20I: February 20, Trivandrum

India vs Sri Lanka (2022)

1st Test: February 25-01 March, Bengaluru
2nd Test: March 05-09, Mohali
1st T20I: March 13, Mohali
2nd T20I: March 15, Dharamsala
3rd T20I: March 18, Lucknow

India vs South Africa (2022)

1st T20I: June 09, Chennai
2nd T20I: June 12, Bangalore
3rd T20I: June 14, Nagpur
4th T20I: June 15, Rajkot
5th T20I: June 19, Delhi

Leave a comment

Creedanet