සංගාගේ ආරාධනයෙන් LORD’S ක්‍රිකට් පිටියට පැමිණි විශේෂ අමුත්තිය.

ලෝක ක්‍රිකට් කරලියේ නවතම පෙරලිය ලෙස එංගලන්තයේ පැවැත්වෙන The Hundred ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. මෙම තරඟාවලිය අතරතුර ලෝඩ්ස් ක්‍රීඩාගණයේ පැවති එක තරඟකදී සිදු වූ විශේෂ සිදුවීමක් කාගේත් කතාබහට ලක්වුණා.

ඒ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලාබාලතම පුද්ගලයා ලෙස ලොව ප්‍රකට පාකිස්තාන ජාතික මලාලා යුසෆ්සායි The Hundred ක්‍රිකට් තරඟාවලියේ තරඟයක් නැරඹීමට ලෝඩ්ස් ක්‍රීඩා පිටියට පැමිණීමයි. තවමත් 24 වැනි වියේ පසුවන ඇය කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කුඩා අවදියේම සටන් වැදීම නිසා ලෝකයේම ගෞරවයට පාත්‍ර වුණා.

සුවිශේෂිම කාරණාව වුයේ අය ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවත්නා මාලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) සභාපති ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතාගේ ආරාධනයෙන් මෙලෙස ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ තිබීමයි.

ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිල Twitter ගිණුමේ සටහනක් තබමින් ඔවුන් මේ බව අනාවරණ කර තිබුණා.

මලාලා ඔබව ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයට සාදරයෙන් පිලිගන්නවා. ඇය ලෝර්ඩ්ස් ක්‍රිකට් පිටියට පැමිණ තිබෙන්නේ MCC ක්‍රීඩා සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතාගේ ආරාධිතයෙක් ලෙසයි.

යනුවෙන් ලෝර්ඩ් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ නිල Twitter ගිණුමේ සටහන් කර තිබුණා.

මෙම සිදුවීම බොහෝ දෙනා අගය කර තිබුණු අතර මේ හරහා ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම තේ Hundred තරඟාවලියට ද ඉහළ වටිනාකමක් සහ අවධානයක් යොමුවුණා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොවම දික්විජය කළ සංගා ක්‍රිකට් පරිපාලන විෂය තුළත් මෙවැනි කටයුතු වල නිරත වෙමින් ලෝක ක්‍රිකට් වංශකතාවේ ලාංකීය සලකුණක් ලෙස තමන්ව සටහන් කරගන්න බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇති

Leave a comment

Creedanet