සංගා එක්ක සමීපව වැඩ කරන්න ලැබෙන එක හීනයක් හැබෑවීමක්. – සංජු.

2021 වසරේ IPL තරඟාවලිය එළඹෙන අප්‍රේල් මස 9 වන දින ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියට සහභාගි වන Rajasthan Royal කණ්ඩායමේ නායකයා ලෙස තරුණ ක්‍රීඩකයෙකු වන Sanju Samson නම් කර තිබෙනවා.

එමෙන්ම Rajasthan Royals කණ්ඩායම සිය ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පත්කර තිබුණා.

සංගාගේ මෙම පත්වීම පිළිබඳව කණ්ඩායමේ නව නායකයා ලෙස පත් වුණු සංජු සැම්සන් මෙලෙසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

මට කුමාර් සංගක්කා ගැන තියෙන පළවෙනි මතකය සංගාගේ කවර් ඩ්‍රයිව් පහර. ඔහුගේ පිතිකරණයට මම දැඩි සේ ඇලුම් කරනවා.

කුමාර් සංගක්කාර වගේ Legend කෙනෙක් සමග සමීපව වැඩ කටයුතු කරන්න ලැබෙනවා කියන්නේ ලොකු හීන හැබෑ උනා වගේ දෙයක්.

කුමාර් සංගක්කාර මහේල ජයවර්ධන, රිකී පොන්ටින්, රාහුල් ඩ්‍රාවිඩ් වගේ Legends ල ක්‍රීඩාවේදී හැම පැත්තක්ම සමබරව දියුණු කරගත්ත අය. ඔවුන් කරන කියන හැම දෙයක්ම විශිෂ්ටයි.

ඒ නිසා මම මෙවර IPL තරඟාවලියේදී කුමාර් සංගක්කාරගෙන් ක්‍රීඩාවේ හැම පැත්තක් ගැනම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.

Leave a comment

Creedanet