සඳුන් වීරක්කොඩි සහ TM සම්පත් බදුරලිය අවසන් පූර්ව වටයට ගෙනයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී අද දිනයේදී පැවැත්විණි. පළමු අවසන් පූර්ව තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබූයේ බදුරලිය ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජයයි.

තරගයේ කාසිය වාසිය හිමිකරගත් බදුරලිය ක්‍රීඩා සමාජය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළහ. නායකයාගේ එම තීරණයට අතිශය සාදාරණයක් ඉටුකරන්නට බදුරලිය පන්දු යවන්නන් සමත් වන්නේ ප්‍රතිවාදී මුවර්ස් ඉනීම ලකුණු 154කට සීමා කරමිනි.

තරගාවලියේ මූලික වටය අවසානයේදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මුවර්ස් නායක මහේල උඩවත්තට අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 3ක් පමණි. මුවර්ස් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජීවන් මෙන්ඩිස් පන්දු 58කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 38ක් රැස්කිරීමට සමත් විය.

බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තිලකරත්න සම්පත් පන්දුවාර 6 පන්දු 3ක් තුළ ලකුණු 26ට කඩුලු 4ක් බිදහෙලීය. බදුරලිය නායක අලංකාර සිල්වා හා නිම්නාද මදුශංක කඩුලු 2ක බැගින් දවාගන්නට සමත් විය.

පිළිතුරු ඉනීම ක්‍රීඩා කළ බදුරලිය ක්‍රීඩා සමාජය පන්දුවාර 25 පන්දු 5ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. ආරම්භක පිතිකරු සදුන් වීරක්කොඩි පන්දු 57කදී හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමගින් අගනා ලකුණු 70ක් රැස්කිරීමට සමත් විය.

මිලින්ද සිරිවර්ධන පන්දු 34ක් තුළදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවුනු ලකුණු 34ක් රැස්කරමින් බදුරලිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු යැවීමේදී මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සචිත්‍ර සේරසිංහ ලකුණු 57කදී කඩුලු 3ක් බිදහෙලීය.

මුවර්ස් ක්‍රීඩා සමාජය : 154-10 (41.3)
ජීවන් මෙන්ඩිස් 38(58), මොහොමඩ් ෂමාස් 31(48), දිනුක දිල්ෂාන් 24(28), කවිදු කුලසේකර 21(34)
තිලකරත්න සම්පත් 4/26, නිම්නාද මදුශංක 2/20, අලංකාර සිල්වා 2/30, චාමිකර එදිරිසිංහ 1/19

බදුරලිය ක්‍රීඩා සමාජය : 157-3 (25.5)
සදුන් වීරක්කොඩි 70(57), මිලින්ද සිරිවර්ධන* 34(34), දුනිත් ජයතුංග 20(20),දිල්ෂාන් ඩි සොයිසා* 16(28)
සචිත්‍ර සේරසිංහ 3/57

බදුරලිය ක්‍රීඩා සමාජයට කඩුලු 3ක ජයක්.

Leave a comment

Creeda Sports Network