ස්කොට්ලන්තය හමුවේ බංග්ලාදේශයට අවමන් සහගත පරාජයක් !!!

විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ B කාණ්ඩයේ දෙවන තරගයෙන් බංග්ලාදේශය පරාජයට පත් කරන්නට ස්කොට්ලන්තය සමත් විය. අල් අමේරට් ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ නායක මහමදුල්ලා රියාස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය

ඒ අනුව පිටියට පිවිසෙන ස්කොට්ලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 53කදී දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විය. අනතුරුව ක්‍රිස් ග්‍රේව්ස් ස්කොට්ලන්ත ඉනීම ගොඩනග්නට විය. ක්‍රිස් ගේව්ස් පන්දු 28කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 45ක් රැස්කළේය. නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 9ක් දැවී ලකුණු 140ක් රැස්කිරීමට ස්කොට්ලන්තයට හැකිවිය.

පන්දු යැවීමේදී මෙහෙදි හසන් කඩුලු 3ක් දවාගනිද්දී කඩුලු 2ක් දවාගත් ශකිබ් අල් හසන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙ වැඩිම කඩුලු ලාභියා බවට පත් විය. අනතුරුව ඉලක්කය හබායමට පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරු යුගලයම ලකුණු 5 බැගින් රැස්කොට සිටියදී දැවීගියේය.

අත්දැකීම් මනාලෙස උපයෝගි කරගත් ශකිබ් හා මුෂ්ෆිකර් බංග්ලාදේශය ඉනීම ගොඩනගන්නට වෑයම් කළද ග්‍රේව්ස් ක්‍රියාත්මක වෙමින් ශකිබ් ලකුණු 20ටත් මුෂ්ෆිකර් ලකුණු 38කටත් දවාගත්තේය. නායක මහමදුල්ලා 19වන පන්දුවාරයේ පස්වන පන්දුවේදී ලකුණු 23කට දැවීගියේය.

අවසන් පන්දුවාරයේදී මෙහෙදි හසන් ජයග්‍රහණය වෙනුවෙන් වැයම් කළද නියමිත පන්දුවාර විස්ස තුළ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කළේ ලකුණු 134ක් පමණි. ඒ අනුව බංග්ලාදේශය ලකුණු 6කින් පරාජයට පත් කරන්නට ස්කොට්ලන්තය සමත් වූහ.

Scotland : 140/9

Chris Greaves 45(28), George Munsey 29(23), Mahedi Hasan 3/19, Shakib Al Hasan 2/17

Bangladesh : 134/7

Mushfiqur Rahim 38(36), Mahmudullah 23(22), Brad Wheal 3/24, Chris Greaves 2/19

Leave a comment

Creedanet