ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමෙන් කොරෝනා අසාදිතයන් දෙදෙනෙක් වාර්තා වෙයි.

යුරෝ කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ස්පාඤ්ඤ කණ්ඩායමෙන් මේ වන විට ක්‍රීඩකයන් දෙදෙනෙක් කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අතරට තරඟාවලිය සඳහා කංඩායමේ නායකත්වය දරන Sergio Busqusts ද ඇතුලත් වීම ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.

ඒ වගේම ස්පාඤ්ඤ කණ්ඩායම නියෝජනය කරන Diego Llorente හටත් කොවිඩ් වයිරසය වැළඳී ඇති බවට වාර්තා වුනා. ඔහු කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයෙක් ලෙසටයි කටයුතු කරන්නේ.

මේ හේතුව නිසාම ඔවුන් දෙදෙනාම ස්වයං නිරෝධායනය සඳහා යොමුකොට ඇති බවට වාර්තා වනවා. එළඹෙන සතියේදී යුරෝ කුසලානය යටතේ තම ප්‍රථම තරඟය ලෙසට ස්වීඩනය සමගින් ස්පාඤ්ඤය ක්‍රීඩා කිරීමට නියමිත වනවා.

කෙසේ වෙතත් ඉන් පසුව කල PCR පරීක්ෂණ ප්‍රතිඵලයන්ට අනුව ස්පාඤ්ඤ කණ්ඩායමේ වෙනත් ක්‍රීඩකයෙක් හට කොරෝනා වයිරසය වැළඳී නැති බව වාර්තා වුනා.

Featured Image – Evening Standard

Leave a comment

Creedanet