සුපිරි කණ්ඩායම් 12 අතරට යාමේ අරමුණින් සිංහ පුතුන් අද තරග බිමට !!!

හත්වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට පිවිසීම උදෙසා පැවැත්වෙන තරයන්හි ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය. A කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රීලංකා කණඩායමේ ප්‍රතිවාදීන් වනුයේ අයර්ලන්ත කණ්ඩායමයි. A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවන අතර එහි දෙවන තැන අයර්ලන්තයට හිමිය. ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අවසන් වරට ක්‍රීඩා කොට ඇති තරග 5 අතුරින් ජයග්‍රහණය කොට ඇත්තේ තරග 2ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා නැමීබියාව සමගින් පවතී තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට සමත් විය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනා අසාර්ථක විය. නමුත් අංක 4 පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හා අංක 5 පිතිකරු වූ භානුක රාජපක්ෂ අගනා පිතිහරබයක නිරත වුහ. අවිශ්ක ප්‍රනාන්දු අංක 4 ස්ථානයේ සිය වගකීම නිසියාකාරයෙන් ඉටු කරන ආකාරය පසුගිය තරග කිහිපයේදීම දැක ගත හැකිවිය. එමෙන්ම ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර අත්කොටගෙන ඇති ප්‍රගතිය මෙම තරගයේදීද එලෙසින්ම පවත්වා ගනු ඇතැයි අපගේ අපේක්ෂාවයි. නමිබියාවට එරෙහි තරගයේදී මහේෂ් තීක්‍ෂණ හා වනිදු හසරංග පන්දුවෙන් දස්කම් දක්වූහ. අයර්ලන්ත කණ්ඩායමට අද දිනයේදී ශ්‍රී ලංකා දගපන්දු යුගලය පීඩනයක් එල්ල කරනු ඇත.

නෙදර්ලන්තයට එරෙහිව පිට පිට කඩුලු 4ක් දවාගත් කර්ටිස් කැම්පර් අයර්ලන්ත කණ්ඩායම සතු තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයෙකි. එමෙන්ම පන්දු යැවීමේ තුන ඉරියව් ක්‍රීඩක මාක් රිචර්ඩ්ද පසුගිය තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායමේ කදුළු 3ක් ලකුණු 9ක් තුලදී දවාගැනීමට සමත් විය. අයර්ලන්ත කණ්ඩායමේ පිතිකරණ බල ඇණියේ ප්‍රභලම තුරුම්පු දෙකක් ලෙසින් කෙවින් ඕ බ්‍රයන් හා පොල් ස්ටර්ලින් හැදින්විය හැක. එමෙන්ම නෙදර්ලන්තයට එරෙහි තරගයේදී වේගවත් ලකුණු 44ක් රැස්කළ ගැරත් ඩෙලනි දෙසද ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවදානය යොමු කල යුතුය. ඔහු බංග්ලාදේශය සමගින් පවතී පුහුණු තරගයේදීද පන්දු 50ක් තුල වේගවත් නොදැවුණු ලකුණු 88ක් රැස්කිරීමට සමත් වූවෙකි.

Sri Lanka :
Pathum Nissanka, Kusal Perera (wk), Dinesh Chandimal, Avishka Fernando, Bhanuka Rajapaksa, Dasun Shanaka (C), Chamika Karunaratne, Wanindu Hasaranga, Dushmantha Chameera, Maheesh Theekshana, Lahiru Kumara

Ireland :
Paul Stirling, Kevin O’Brien, Andy Balbirnie (C), Gareth Delany, Curtis Campher, Harry Tector, Neil Rock (wk), Simi Singh, Mark Adair, Josh Little, Ben White

Leave a comment

Creedanet