2015 ලෝක කුසලානයෙන් පසු බංග්ලාදේශ නිජබිමේ එක්දින තරඟාවලි වාර්තාව

2015 ලෝක කුසලානයෙන් අනතුරුව බංග්ලාදේශයේ ලොව ප්‍රමුඛ පෙලේ රටවල් ගණනාවක්ම සංචාරය කලත් ඉන් අතිශය බහුතරය අවසන් වී ඇත්තේ බංග්ලාදේශයට ජයග්‍රහණය අත්කර දෙමිනි. ඔවුන් 2015 වසරෙන් පසුව තමන්ගේ භූමියේදී කෙතරම් ප්‍රභලදැයි යන්න මෙකී වාර්තා අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඔබට පැහැදිලි වනු ඇත.

2015 වසරේ ලෝක කුසලානයෙන් පසුව ලොව දැනට ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 8ක් බංග්ලාදේශයේ සංචාරය කර ඇති අතර එහිදී පැවති එක්දින තරඟාවලි වලින් එකී රටවල් 8න් 7ක් ම පරාජයට පත් කිරීමට ඔවුන් සමත් වී තිබීම සුවිශේෂී කාරණයකි.

ඔවුන් තරඟ වැදුන එක්දින තරඟාවලි පහත පරිදි වේ,

2015 පාකිස්තානයට එරෙහිව 3-0 ජය

2015 ඉන්දියාවට එරෙහිව 2-1 ජය

2015 දකුණු අප්‍රිකාවට එරෙහිව 2-1 ජය

2015 සිම්බාබ්වේට එරෙහිව 3-0 ජය

2016 ඇෆ්ගනිස්තානයට එරෙහිව 2-1 ජය

2016 එංගලන්තයට එරෙහිව 2-1 පරාජය

2018 සිම්බාබ්වේට එරෙහිව 3-0 ජය

2018 කොදෙව්වන්ට එරෙහිව 2-1 ජය

2020 සිම්බාබ්වේට එරෙහිව 3-0 ජය

2021 කොදෙව්වන්ට එරෙහිව 3-0 ජය

2021 ශ්‍රී ලංකාවට එරෙහිව 2-1 ජය

අවසානයට මුහුණ දුන් තරඟාවලි 11න් තරඟාවලි 12 කම ජය බංග්ලාදේශය තමන් සතුකරගෙන ඇති අතර එහිදී ඔවුන් තරඟ 33 කට මුහුණ දී තරඟ 26ක් ම ජයග්‍රහණය කොට තිබේ. එහි ජයග්‍රාහී ප්‍රතිශතය 78.78% ලෙසට අතිශය ඉහළ අගයක් පෙන්නුම් කරයි.

ඒ වගේම බංග්ලාදේශය මේ වන විට තරඟාවලි 5ක් එක දිගට තම භූමිය තුළදී ජයග්‍රහණය කොට තිබේ. මෙකී දත්ත දෙස බැලීමේදී පැහැදිලි වන්නේ බංග්ලාදේශය තුළ එක්දින තරඟාවලියක් ජය ගැනීම යනු පෙර මෙන් පහසු කරුණක් නොවන බවත් එහි විශාල අභියෝගයක් 2015 වසරෙන් පසුව දැකගත හැකි බවත් ය.

Featured image – Inida tv

Leave a comment

Creedanet