Author page: Chathura Ramanayake

T20 ලෝක කුසලානයේ කණ්ඩායම් ගණන ඉහළ දැමීමේ තීරණයක්.

2024 වසරේ පැවත්වීමට නියමිත පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 20ක් ක්‍රීඩා කරවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය බලාපොරොත්තු වන බවට ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කොට ඇත. මෙම වසරේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 16 පමණක් ක්‍රීඩා කරනු ඇත.…

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වරණය මැයි මස 20 වන දා.

රටෙහි වත්මන් කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පළාත් අතර සංචරණය සීමා පැනවීමට ශ්‍රී ලංකා රජය පසුගියදා තීරණය කළහ. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය එළඹෙන මැයි මස 20වන වනදා පැවැත්වෙන්නේ ද යන්න පිළිබඳව ගැටලුව පැන නැගිණි. " පළාත් අතර…

LPL දෙවන අදියරට දින නියම වෙයි !!!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන දෙවැනි අදියර මෙම වසරේ ජූලි මස 30වනදා සිට අගෝස්තු මස 22 දා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වශයෙන් නිවේදනය කොට ඇත. " මෙම වසරේ තරගාවලිය පැවැත්වීමට සුදුසු කාලසීමාවක් අප තෝරාගෙන තියෙනවා.…

අවිශ්ක ට එංගලන්ත සංචාරයට ක්‍රීඩා කළ හැකිද ?

ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට නැවතත් ජාතික කණ්ඩායමට පැමිණීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් විය යුතු බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත. බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු ඇතුළත්…

LPL තරඟාවලිය T20 ලෝක කුසලානයට පෙර පැවැත්වීමට සැලසුම් කෙරේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියට පෙර පවත්වා අවසන් කිරීමට සැලසුම් කොට ඇත . පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක අදියර ඉතා සාර්ථක අන්දමින් නිමාවට පත්විය. පසුගිය වසරට වඩා වැඩි විදේශ…

මනුජ කාරියප්පෙරුම මහතා තවදුරටත් කණ්ඩායම් කළමණාකාරීත්වයේ.

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය මනුජ කාරියප්පෙරුම මහතාට හිමි වී ඇත. පසුගිය මස දී බංග්ලාදේශය සමගින් පැවති පැවැති ටෙස්ට් තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වයේ වගකීමද මනුජ කාරියප්පෙරුම මහතා වෙත පැවරිණි. මනුජ කාරියප්පෙරුම මහතා මින් පෙර…

“වෙනත් පිතිකරුවෙකු එම පන්දුවට ක්‍රීඩා කළා නම් ඔහු දැවීයන්නත් ඉඩ තිබුණා” – සෙවාග්.

ඒබ්‍රහම් බෙන්ජමින් ඩිවිලියස් පිළිබදව පසුගිය දින කිහිපය තුළදී කතාබහට ලක්විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගාවලියේ සිට ඩිවිලියස් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙනු ඇති බවට දකුණු අප්‍රිකානු ක්‍රිකට් සභාපති ග්‍රැහැම් ස්මිත් පසුගියදා ඉගියක් ලබා දී ඇති බවට විදෙස්…

චන්දිමාල් සහ මැතිව්ස් එක්දින සංචිතයෙන් ඉවත් කිරීම සාදාරණයිද ?

බංග්ලාදේශ තරග සංචාරය වෙනුවෙන් ජේෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව ගත් තීරණය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ දැඩි කතාබහට ලක්විය. මෙලෙසින් ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කොට ඇත්තේ හිටපු නායක දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල් , තිසර…

COVID නිසා අතරමග නැවතුණු IPL තරඟාවලියේ සෙසු තරඟ ශ්‍රී ලංකාවේ පවත්වයිද ?

කොවිඩ් රෝගී තත්වය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග කල්.දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගියදා තීරණය කළහ. තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උනන්දුවක් දක්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. " විස්සයි විස්ස ලෝක…

අබුඩාබි T10 ලීගයට දින නියම වේ.

අබුඩාබි T10 ලීගයේ පස්වන අදියර මෙම වසරේ නොවැම්බර් මස 19වනදා සිට දෙසැම්බර් මස 4වනදා දක්වා පැවැත්වීමට තීරණය කොට ඇත. පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය නිමාවට පත් වීමෙන් අනතුරුව මෙවර අබුඩාබි T10 ලීගය පැවැත්වීමට සැලසුම් කොට ඇත. කණ්ඩායම් අටක සහභාගීත්වයෙන්…
Creedanet