Author page: Chathura Ramanayake

මාලිංග නොමැති වසර තුනේදීම MUMBAI INDIANS පිල IPL තරඟාවලියේ පළමු වටයෙන් ඉවතට.

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ වැඩිම කඩුලු ලාභියා වන ලසිත් මාලිංග වසර 2009දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් දිවියට අත්පොත් තැබූ මොහොතේ පටන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධානතම තරග දිනවන්නකු බවට පත් විය. ඉන්දීය ප්‍රිමියර් ලීග්…

T20 ලෝක කුසලානය කල් ගියත් සුදුසුකම් ලැබීමේ වටයෙන් ලංකාවට හා බංගලාදේශයට ගැලවීමක් නෑ.

මෙම වසරේ ඕස්ටේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසර දක්වා කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කලේ කොවිඩ් 19 රෝගී තත්වයන් හේතුවෙන් එල්ල වූ බලපෑම් නිසාවෙනි. එසේ වුවද එළඹෙන නොවැම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට…

හැම පන්දුවෙන්ම ටෙස්ට් ක්‍රීඩා කිරීම ගැන හිටපු සුපිරි ක්‍රීඩක වකාර් යුනිස්ගේ විරෝධය !

හිටපු පාකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී යොදාගන්නා පන්දු පිළිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එකම මාලිදියේ පන්දු භාවිතය පිළිබදව අවධානය යොමු කල යුතු බවයි. පසුගියදා නිමාව දුටු…

Stokes නොමැති එංගලන්ත සංචිතයට ඔස්ට්‍රේලියාවට අභියෝගයක් කල හැකිවෙයිද ? .

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය ආරම්භ කරමින් එළඹෙන සැප්තැම්බර් මස 4වනදා ආරම්භ වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය හා සැප්තැම්බර් මස 11වනදා ආරම්භ වීමට නියමිත තරග 3කින් යුතු එක්දින තරගාවලිය වෙනුවෙන් එංගලන්ත සංචිතයන් ප්‍රකාශයට පත් කොට ඇත. තම…

ජේම්ස් ඇන්ඩර්සන්ගේ ටෙස්ට් කඩුලු 600 ගැන සංගා කියපු අමුතුම කතාව.

පසුගිය සතියේ එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හිදී පැවති එංගලන්ත පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගයේදී පාකිස්තාන නායක අසාර් අලි දවා ගනිමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 600ක් සම්පූර්ණ කල ලොව පළමු වේගපන්දු යවන්නා ලෙසින් ජිමී ඇන්ඩසන් ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්විය. MCC වත්මන්…

ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය පළමු වරට ටෙස්ට් පිටියේ හමුවීමට සුදානමක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඇෆ්ගනිස්තානය ප්‍රථම වරට ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් එක්වීමට සූදානම් වන අතර එක් තරගයකින් යුතු ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ඇෆ්ගනිස්තාන හා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එකගත්වය පළ කොට ඇත. දෙසැම්බර් මස 7වනදා සිට 11වනදා දක්වා පර්ත් නුවරදී…

කුසල් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුතු CCC කණ්ඩායම ශුරයින් ලෙස අභිෂේක ලබයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දේශීය පළමු පෙළ තරගාවලියේ A කාණ්ඩයේ තරග අද දිනයේදී නිමාව දුටුවේ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු CCC කණ්ඩායම තරගාවලියේ ශූරයන් ලෙස කිරුලු පලන්දමිනි. CCC හා Chilaw Marians අතර තරඟය CCC කණ්ඩායම පළමු ඉනීම…

වාර්තාගත ත්‍රිත්ව ශතකයකින් චන්දිමාල් තරඟාවලියේ වේගවත්ම ලකුණු 1000 රැස් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දේශීය පළමු පෙළ තරගාවලියේ A කාණ්ඩයේ කණ්ඩායම් සහභාගි වන සුපිරි අටදෙනාගේ තරග වටයේ අවසන් තරගයන් දෙවන දිනටත් අද දිනයේදී ආරම්භ විය. Saracens SC කණ්ඩායම හා SLArmy SC කණ්ඩායම අතර තරඟය අද දිනයට තරගය…

ලහිරු තිරිමාන්න සහ චන්දිමාල් ශතකලාභීන් ලෙස ඊයේ දිනය නිමකරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප්‍රිමියර් ලීග් පළමු පෙළ තරගාවලියේ A කාණ්ඩයේ සුපිරි අටදෙනාගේ තරග වටයේ සිය අවසන් තරගයන් වෙනුවෙන් කණ්ඩායම් ඊයේ දිනයේදී තරග බිමට පිවිසීය. පළඟ ශූරතාවය වෙනුවෙන් පැවති තරග පෙරේදා දිනයේදී නිමාව දකිද්දී ශූරතාවය හිමිකරගැනීමට…

සුපිරි අටදෙනාගේ තරග වටයේ අද දිනයේ ආරම්භ වීමට නියමිත තරග.

CCC කණ්ඩායම හා Chilaw Marians කණ්ඩායම අතර තරඟය පළමු පෙළ තරගාවලියේ සිව්වන වරටත් ශූරයන් ලෙස කිරුලු පැලදූ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු CCC කණ්ඩායම හා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන ශෙහාන් ජයසූරියගේ නායකත්වයෙන් යුතු Chilaw Marians කණ්ඩායම අද දිනයේදී…
Creedanet