Bundesliga කිරුළ Bayern Munchen දිනාගනී !!!

ජර්මානු පාපන්දු තරගාවලියක් වන Bundesliga තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීනට ප්‍රභල Bayern Munich කණ්ඩායම සමත්විය. ඒ තවත් තරග 2ක් ඉතිරිව තිබියදීය. Bayern Munich කණ්ඩායම ඔවුන් මුහුණ දුන් තරග 32 න් තරග 23 ක් ජයගෙන ඇති අතර 5ක් ජය පරාජයෙන් තොරව නිමාවී ඇත. ලකුණු සටහනේ දෙවැන්නා වන RB Leipzig කණ්ඩායම තරග 32 කදී වාර්තා කර ඇති ජයග්‍රහණ ප්‍රමාණය 19 කි. සියලුම කණ්ඩායම් සදහා තව තරග 2ක් ඉතිරිව තිබියද දෙවැනි ස්ථානයේ පසුවන RB Leipzig කණ්ඩායමට එම තරග දෙකම ජයග්‍රහණය කලද මියුනිච් කණ්ඩායම අභිබවා යාමට නොහැකි බැවින් Bayern Munich කණ්ඩායමේ ශූරතාවය තහවුරු විය.

Bayern Munich කණ්ඩායම ඊයේ දිනයේ Borussia Monchengladbach කණ්ඩායම සමග තරග වැදුණු අතර එහිදී මියුනිච් කණ්ඩායම 6-0 ලෙස ජය ගැනීමට සමත්විය. සුපිරි පෝලන්ත ක්‍රීඩක Robert Lewandowski ගෝල ත්‍රිත්වයක් රැස්කිරීමට සමත්විය. RB Leipzig කණ්ඩායම ඊයේ දිනයේ තරග වැදුනේ Borussia Dortmund කණ්ඩායම සමගයි. එහිදී ඔවුන් ගෝල 3-2 ක් ලෙස Dortmund කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

Bayern Munich කණ්ඩායම 2013 වසරේ සිට අඛණ්ඩව ලබාගත් 9 වෙනි බුන්ඩෙස්ලීගා ශූරතා ජයග්‍රහණය මෙයයි. Bayern Munich , RB Leipzig , Wolfsburg හා Borussia Dortmund කණ්ඩායම් පිලිවෙලින් තරගාවලි ලකුණු සටහනේ පළමු , දෙවැනි ,තෙවැනි හා සිව්වැන් ස්ථාන අතර සිටින නිසා ඔවුන් ලබන වසරේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් තරගාවලිය සදහා සුදුසුකම් ලබාගන්නා ලදි.

Image Source – FC Bayern Munchen FB Page

Leave a comment

Creedanet