Cricket

කොදෙව් දේශය බිහිකළ ප්‍රහාරකයාගේ ජන්මදිනය අදයි !!!

බටහිර ඉන්දීය කොදෙව් දේශය බිහිකළ විස්සයි විස්ස පිටියේ දැවැන්තයෙකු වන Universe Boss යන අන්වර්ථ නාමය පටබැදි ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල් අද දිනයේදී සිය 42වන ජන්මදිනය සමරයි. වසර 1979හි අද වැනි දිනක ජැමෙයිකාවෙහිදී උපත ලද ක්‍රිස් ගේල් ලූකාස් ක්‍රිකට් සමාජය නියෝජනය…

බැංගලෝරයට අවමන් සහගත පරාජයක් !!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාත්‍රියේදී පැවතියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් නායක විරාට් කෝලි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා දගපන්දු යවන…

ශ්‍රී ලංකා තරගාවලිය, ඉන්දීය කණ්ඩායමේ ඉදිරි තරගාවලි කාලසටහන් අතරට !!!

එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ දේශීය තරග කාලසටහන නිවේදනය කොට ඇති බවට එරට මාධ්‍ය වාර්තා කොට ඇත. ඒ අනුව ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කණ්ඩායම් 4ක් සමග එරටදී තරගාවලීන්ට ක්‍රීඩා කිරීමට නියමිතය.…

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට !!!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14වන අදියරේ ඉතිරි තරගයන් ඊයේ දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ විය. පළමු තරගය වෙනුවෙන් එක්වූයේ IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. ඊයේ දිනයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම…

හසරංග හා චමීරගේ දක්ෂතා අපිට විශාල උපකාරයක් වේවි – විරාට් කෝලි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරගයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළක් වූ වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර , රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගින් එක්විය. විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි දෙවන ස්ථානයෙහි රැදී සිටින වනිදු හසරංග හා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත…

IPL තරගාවලියේ ඉතිරි තරග අද දිනයේදී ඇරඹෙයි

කොවිඩ් අවදානම හේතුවෙන් අතරමග නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරගයන් අද දිනයේදී ආරම්භ වීමට නියමිතය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරගාවලියේ ඉතිරි කොටසේ සමාරම්භක තරගය වෙනුවෙන් IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් යුගලය වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි…

කෝලියි ශර්මයි , සංගක්කරයි මහේලයි වගේ – සල්මන් බට්

ඉන්දීය නායක විරාට් කෝලි එළඹෙන ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළේය. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරකයන්, හිටපු ක්‍රීඩකයන් හා ප්‍රේක්ෂකයන් විවිධ අදහස් පළකොට ඇත. පාකිස්තාන හිටපු ආරම්භක පිතිකරු සල්මන් බට්ද මේ සම්බන්ධයෙන් සිය…

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන වසරේ ඉන්දීය සංචාරකට එක්වෙයි..

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන වසරේ පෙබරවාරි හා මාර්තු මාසවලදී ඉන්දීය තරග සංචාරයකට එක්වීමට නියමිතය. විස්සයි විස්ස තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙසින් ඉන්දීය තරග සංචාරයට එක්වීමට සූදානමින් පසුවෙයි. ඉන්දීය කණ්ඩායම ජනවාරි මස දකුණු අප්‍රිකානු…

අනිල් කුම්බ්ලේ යළිත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරයට ?

ඉන්දීය හිටපු සුපිරි දගපන්දු යවන ක්‍රීඩක අනිල් කුම්බ්ලේ නැවත වරක් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කිරීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවධානය යොමු කොට ඇති බවට එරට මාධ්‍ය වාර්තා කොට ඇත. එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය…

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන සතියේ පුහුණුවීම් අරඹයි !!!

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ආබාධයෙන් සුව වී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවෙයි. ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය ඔක්තෝබර් මස…
Creedanet