Cricket

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ තරඟාවලි කාලසටහන නිකුත් කෙරේ.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර එළෙඹෙන ජූලි මාසයේදී එක්දින තරඟාවලියක් සහ T20 තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී. අද දිනයේදී මෙම තරඟාවලි ද්විත්වයේ තරඟාවලි කාලසටහන් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව එක්දින තරඟාවලිය ජූලි 13ත් විස්සයි විස්ස තරඟාවලිය ජූලි 22ත්…

සව්රව් ගංගුලි ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය තහවුරු කරයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සව්රව් ගංගුලි මහතා ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය තහවුරු කර තිබෙනවා. ඔහු SportsStar සඟරාව වෙත ලබාදුන් සම්මුඛ සාකච්චාවකදී මේ බව අනාවරණ කර තිබෙනවා. ඒ අනුව ගංගුලි…

T20 ලෝක කුසලාන සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ??

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය. නමුත් කොවිඩ් දෙවන රැල්ල නිසාවෙන් දිනෙන් දින ඉහල යන කොවිඩ් රෝගීන් හා කොවිඩ් මරණ හේතුවෙන් ඉන්දියාවේ සත්කාරකත්වය පිලිබද විවිධ ගැටලු මතුව තිබේ. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් රෝගය නිසා මියගිය…

තිසර පෙරේරා හා සීක්කුගේ ප්‍රසන්න මෙවර පාකිස්තාන සුපර් ලීගයට !!!

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉදිරි තරග සදහා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය ඊයේ දිනයේදී පැවැත්විණි. පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ හයවන අදියර කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මස නවතා දැමීමට සිදුවිය. ක්‍රීඩා කිරීමට නොහැකි වූ තරගයන් එළඹෙන ජුනි මස 1වනදා…

එංගලන්තයේ The Hundred ක්‍රිකට් තරාගවලියට ඉන්දියානුවන් ක්‍රීඩා කිරීමේ සූදානමක් ??

එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන The hundred ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා අවුරුදු 23 න් පහල ඉන්දියානු ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම පිලිබදව සලකා බලන බවට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ…

බාබර් අසාම් කෝලිවත් පසුකරයි.

විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලකුණු 6000 අඩුම ඉනීම් ගණනකදී සම්පුර්ණ කළ දෙවන පිතිකරු බවට පත්වන්නට පාකිස්තාන පිතිකරු බාබර් අසාම් අද දිනයේදී සමත් විය. දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේදී විස්සයි විස්ස ලකුණු 6000 සීමාව පසු කිරීමට බාබර්…

තේරීම් කමිටු සභාපති ධූරය ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. තේරීම් කමිටු සභාපති ධූරය හිමිවී ඇත්තේ හිටපු තේරීම් කමිටු සාමාජික මෙන්ම ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාටය. එමෙන්ම ලෝක ශූර කණ්ඩායමේ ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කළ…

ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව වෛද්‍යවරයෙක්.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව වෛද්‍යවරයෙකු එක් කොටගෙන ඇත. එළඹෙන බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වෛද්‍ය චමින්ද ගුණතිලක මහතාගේ සහය ලබාගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග අනුව බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් එක්වූ…

කොවිඩ් අවධානම මධ්‍යයේ බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඉදිරියට.

බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ස්ථිර වශයෙන් තහවුරු කොට ඇත. කොවිඩ් අවධානම හේතුවෙන් බංග්ලාදේශය සතියක පමණ කාලසීමාවකට සම්පූර්ණයෙන්ම වසා දැමුණි. මේ හේතුවෙන් බංගලාදේශ කණ්ඩායම ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් මෙරටට පැමිණීම අවිනිශ්චිත තත්වයක පැවතුනි. කොවිඩ් ප්‍රොටෝකෝලය දැඩි නොකිරීමට ශ්‍රී ලංකාව…

ෆකර් සමාන් ගේ වාර්තාගත විශිෂ්ට ඉණිම වොට්සන් ගේ වාර්තාව බිදහෙලයි.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ශේන් වෝට්සන්ගේ නම ඉදිරියේ සටහන්ව තිබූ වාර්තාවක් තමා සතු කරගැනීමට පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකර් සමාන් ඊයේ දිනයේදී සමත් විය. දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවති දෙවන එක්දින තරගයේදී ලකුණු 193ක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවීමට ෆකර් සමාන්ට…
Creedanet