Creedanet සමග පාසල් රග්බි සංගමයේ ලේකම් නි⁣රෝධ විජේරාම මහතා සිදුකල සාකච්ඡාව !

මෙරට පාසල් රග්බි තරගාවලි තුල මෙන්ම ක්‍රීඩා සමාජ රග්බි තරග තුලද විනිසුරැන්ගෙ තීරණ විවේචනයට ලක්වීමි හා අභියෝගයට ලක් වීම සුලභව දැකගත හැකි අතර බොහෝ තරග අවසන් වූයේ විනිසුරුවරුන්ට චෝදනා එල්ල වීමෙනි. සැබැවින්ම මෙම තත්වයන්ට හේතු මොනවාද ?

Source – www.dailynews.lk

ඇතැම් ආන්දෝලනාත්මක විනිසුරැ තීරණ සම්බන්ධයෙන් පසු-විශ්ලේශණයන් සිදු වනවාද? ජාත්‍යන්තර රග්බි විනිසුරැවන් අනුගමනය කරන Decision-analysis හෝ එවන් ක්‍රියාපටිපාටියක් මෙරට විනිසුරැවන් අනුගමනය කරනවාද? යන්න අප සොයා බැලීමක් සිදු කරනු ලැබුවා.

Source – agoalrugby.blogspot.com

මෙම ගැටළුව සම්බන්ධයෙන් Creedanet අප සමග සාකච්ඡාවකට එක් වූ පාසල් රග්බි පාපන්දු සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතා ප්‍රකාශ කර සිටියේ තමන්ගෙ සංගමයද, සංගමයක් ලෙස සෑම විටම උත්සහ කරනු ලබන්නෙ පාසල් රග්බි තරග සදහා සහභාගීවන විනිසුරැවන්ගෙ ගුණාත්මකභාවය ඉහළ නංවාගැනීම සදහා උපකාරී වීම බවයි.වැඩිදුර අදහස් දැක්වූ විජේරාම මහතා සදහන් ⁣කරනු ලැබුයේ ඒ සදහා වැඩි වශයෙන් Rewind meeting ක්‍රමවේදය අනුගමනය කරන බවත් එමගින් සෑම පාසල් රග්බි තරග සති අන්තයකටම පසු-සතිය තුල (Rewind meeting) පසු විපරම් රැස්වීමක් මගින් පැවති තරග සතිය තුල දෝෂ සහිත විය හැකි විනිසුරැ තීරණ හෝ ආන්දෝලනාත්මක තීරණයක් ලෙස කතා බහට ලක් වූ තීරණයන්හි දෘෂ්‍ය ශාක්ෂි (Video evidence ) රග්බි පාපන්දු විනිසුරැවන්ගෙ සංගමය වෙත සැලැස්වීමට කටයුතු කරන බවත් එමගින් නැවත යම් ආකාරයක ප්‍රතිපෝෂණයක් බලාපොරෙත්තු වන බවත් ’ ඒ මහතා සදහන් කරනු ලැබුවා.

Source – Ceylon Today

යම් පාසල් රග්බි තරගයක විනිසුරැවන් විසින් එවැනි ආන්දෝලනාත්මක හො තරගයෙ අවසන් තීරණයට බලපෑමක් සිදුවිය හැකි ආකාරයෙ දෝෂ සහිත තීරණයක් ලබාදුන් බවට යම් පාසලකට හැගෙ නම් එම තීරණයන් හි ශ්‍රව්‍ය හෝ දෘෂ්‍ය සාක්ශි (Audio or video evidence ) පාසල් රග්බි සංගමය වෙත යොමු කල හැකි බවත් ඒවා පසු-විපරම් තුල සාකච්ඡා තුල අවධානයට ගන්නා බවත් විජේරාම මහතා අප සමග ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙම සාකච්ඡාවවේදි මෙවර පාසල් රග්බි තරගවාරය පිළිබද අප සිදු කල විමසීමකදී එතුමා ප්‍රකාශ කර සිටියෙ පාසල් රග්බි තරගාවලි කිසිවක් අතරහැර දැමීමක් පිළිබදව අදහසක් නොමැති බවත් මෙම තරග වාරය තුල අවසාන වසර ක්‍රීඩා කරන ක්‍රීඩකයන් රැසක් සිටින බවත් ඔවුන්හට උපරිම සාධාරණයක් සිදු කිරීමට තම සංගමය උත්සහ ගන්නා බවය.

අවසාන වශයෙන් නිරෝධ විජේරාම මහකා ප්‍රකාශ කර සිටියේ ‘අපි සංගමයක් විදිහට සම්බන්ධ වෙලා ඉන්නෙ අධ්‍යාපන අම්‍යාංශයත් එක්ක ,අමාත්‍යංශයේ නිර්දේශ අනුව කටයුතු කරන්න අපි බැදිලා ඉන්නවා ! හැබැයි පාසල් ක්‍රීඩකයන්ට උපරිම සාධාරණයක් කරන්න අපි උත්සහ කරනවා ‘

මෙම සාකච්ඡාව තුල පාසල් ක්‍රීඩකයන්ට සිදුවිය හැකි අසාධාරණය පිලිබද බොහෝ වරක් එතුමා අදහස් ඉදිරිපක් කල අතර එය සිදු නොවීමට උපරිම වෙර දරන බවත් එතුමා මතු කර සිටියා. පරිපාලකයෙක් ලෙස එතුමාගේ එම උත්සහයන් ක්‍රීඩා මාධ්‍ය ජාලයක් ලෙස අප ප්‍රශංසාවට ලක් කරන බවත් අවසාන වශයෙන් සදහන් කල යුතුයි.

Leave a comment

Creedanet