De Kock ගේ විශිෂ්ට ඉනිමෙන් දකුණු අප්‍රිකානුවන්ට තරඟයේ වාසිය අත්වෙයි.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අවසන් වන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 82ක් රැස්කර ගෙන සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් මුල් ඉනිම ලකුණු 97 කට සීමා වද්දී ඊයේ තරඟය ආරම්භ වන විටදී දකුණු අප්‍රිකානුවන් කඩුලු 4ක් දැවී ලකුණු 128ක් රැස්කරගෙ සිටියා. නමුත් ඉක්මනින් කංඩායමේ කඩුලු දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කොටගෙන ක්‍රීඩා කල Quintan De Kock අති විශිෂ්ට ඉනිමක් දියත් කලා.

විටෙක ලකුණු 233 කට කඩුලු 8ක් ලෙස දිස්වුන දකුණු අප්‍රිකානු ඉනිමේ 9 වන කඩුල්ල සඳහා Rabada සමගින් ලකුණු 79ක් එක් කිරීමට De Kock සමත් වුනා. මෙහිදී Rabada සමස්ථ සබඳතාවයටම රැස් කලේ ලකුණු 4ක් පමණයි.

තම ටෙස්ට් දිවියේ 6 වන ශතකය සහ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කල Quintan De Kock විසින් නොදැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 141ක්. එයට හතරේ පහර 12ක් සහ හයේ පහර 7ක් අන්තර්ගත වුනා. නැවතත් තම දෙවනි ඉනිම ක්‍රීඩා කිරීමට ආ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිනය නිමා වන විටදී කඩුලු 4ක් දැවී ලකුණු 82ක් රැස්කරගෙන සිටින්නේ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 143ක් පිටුපසින් සිටිමිනුයි.

තරඟයේ කෙටි ලකුණු පුවරුවබටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම 97-10 (40.5)

Jason Holder 20(41) Shai Hope 15(32)

Lungi Ngidi 19/5 Anrich Nortje 35/4

දකුණු අප්‍රිකාව පළමු ඉනිම 322-10 (96.5)

Quintan De Kock 141(170)* Aiden Markram 60(110)

Jason Holder 75/4 Jayden Seals 75/3

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම 82-4 (30)

Roston Chase 21(71)* Kieron Powell 14(33)

Kagiso Rabada 18/2 Anrich Nortje 34/2

Featured Image – ESPNCricinfo

Leave a comment

Creedanet