Hazard රියල් මැඩ්රීඩ් ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලයි !!!

Eden Hazard යනු ස්පාඤ්ඤයේ රියල් මැඩ්රීඩ් කණ්ඩායමේ මුල්පෙල ප්‍රහාරක ක්‍රීඩකයෙකි. මෑතකදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් සමගම ඔහුට රියල් මැඩ්රීඩ් ක්‍රීඩා ලෝලීන් ගෙන් සමාව ගැනීමට සිදුවිය.

Hazard 2019 දී රියල් මැඩ්රීඩ් කණ්ඩායම හා එක්වීමට පෙර ක්‍රීඩා කරන ලද්දේ ප්‍රිමියර් ලීග් කණ්ඩායමක් වන Chelsea පිලටයි. මෙවර චැම්පියන්ස් ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී මුහුණුට මුහුණු හමුවූයේ රියල් මැඩ්රීඩ් හා චෙල්සී කණ්ඩායම් දෙකයි. එහිදී පළමු තරගය ගෝල 1-1 ලෙස සමවූ අතර දෙවන තරගය 2-0 ලෙස චෙල්සී ක්‍රීඩකයින් ජයගන්නා ලදි. චෙල්සී කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය සමග රියල් මැඩ්රීඩ් පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

එම තරග පරාජයෙන් අනතුරුව Edan Hazard තම ප්‍රතිවාදී චෙල්සී කණ්ඩායමේ සමකාලීන මිතුරන් සමග උසුළු විසුළු කරමින් සිනාසෙමින් සිටි අයුරු කැමරාවට හසුවිය. බොහෝ මැඩ්රීඩ් ප්‍රේක්ෂකයන් Hazard ගේ මෙම හැසිරීම පිලිබදව දැරුවේ අප්‍රසාදයකි. ඔවුන් ඒ පිලිබදව සමාජ මාධ්‍ය ජාලා තුලද සටහන් කරන ලදි. කෙසේනමුත් Hazard ඉන්ස්ටගෑම් හී සදහන් කර තිබුනේ ඔහු එය හිතාමතා කල ක්‍රියාවක් නොවන බවත්, යම් හෙයකින් මෙම සිදුවීම නිසා රියල් මැඩ්රීඩ් ප්‍රේක්ෂකයන්ගේ සිත් රිදවීමක් වූවානම් ඔහු ඔවුන්ගෙන් සමාව ගන්න බවත්ය.

30 හැවරිදි බෙල්ජියම් ක්‍රීඩකයකු වන Eden Hazard 2019 වර්ෂයේ සිට රියල් මැඩ්රීඩ් කණ්ඩායම වෙනුවෙන් තරග 40කට සහභාගී වී ලබාගෙන ඇත්තේ ගෝල 4ක් පමණි. ඔහු චෙල්සී කණ්ඩායම වෙනුවෙන් තරග 350කදී ගෝල 110 ක් ලබාගෙන ඇත.

Leave a comment

Creedanet