Jasper Cillessen හට යුරෝ කුසලානය අහිමි වෙයි!

නෙදර්ලන්ත පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන දැල් රකින්නා වන Jasper Cillessen හට යුරෝ කුසලානය අහිමි වී තිබෙනවා. ඒ Covid 19 වයිරසයට ගොදුරු වීම හේතුවෙන්.

නෙදර්ලන්ත කණ්ඩායමට දිගින් දිගටම තම ප්‍රධාන ක්‍රීඩකයින් අහිමි වී යාම මේ වන විට අතිශය දරුණු ගැටලුවක් බවට පත් වී තිබෙනවා.

කණ්ඩායමේ ප්‍රධානතම ආරක්ෂක ක්‍රීඩකයා වූ Virgil Van Dijk හට ඇතිවී තිබෙන ආබාධ තත්ත්වයක් නිසා තරඟාවලියට සහභාගී වීමට සිදු නොවන බවට මීට පෙර ප්‍රකාශට පත් වුනා.

මේ වන විට නෙදර්ලන්තයට අහිමි වී ගිය ක්‍රීඩකයන් දෙපළම අත්දැකීම් බහුල ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයින් වන බැවින් මෙලෙස ක්‍රීඩා කිරීමෙන් ඔවුන්ට යුරෝ කුසලානය ජයග්‍රහණය අපහසු වනු ඇතැයි මත පල වනවා.

Featured Image – Getty images

Leave a comment

Creedanet