Kane Williamson එංගලන්ත නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවතට!

එංගලන්තය සහ නවසීලන්තය අතර අද ආරම්භ වන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය සඳහා නවසීලන්ත නායක Kane Williamson සහභාගී නොවන බව වාර්තා වනවා. ඒ ඔහුගේ උරහිසේ ඇති වී තිබෙන ආබාධ තත්ත්වයක් හේතුකොටගෙනයි.

මේ හේතුව නිසා දෙවන ටෙස්ට් තරඟයේදී කණ්ඩායම මෙහයවීමේ වගකීම Tom Latham හට හිමිව ඇති බව වාර්තා වනවා. නවසීලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක Mitchell Santner හටත් වම් අතේ ඇඟිල්ලක ඇතිව තිබෙන ආබාධ තත්ත්වය නිසා තරඟය ක්‍රීඩා කිරීමට නොහැකි බව වාර්තා වනවා.

Williamson ගේ උරහිසේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වයේ බලපෑම කෙසේ වේද යන්න තවමත් සඳහන් වන්නේ නෑ. නවසීලන්තය එළඹෙන 18 වනිදා ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය සඳහා සහභාගී වීමට නියමිත බැවින් Williamson ගේ පැමිණීම ඔවුන්ට ඉතාමත් වැදගත් කාරණාවක් වනු ඇත.

Williamson වෙනුවෙට අද දිනයේදී Will Young නවසීලන්ත අංක 3 පිතිකරු ලෙසට ක්‍රීඩා කරනු ඇති බවට වාර්තා වනවා.

Featured Image – ESPNCricinfo

Leave a comment

Creedanet