LPL තරගාවලියේ දෙවන අදියර සැලසුම් කළ පරිදි පැවැත්වෙයි !!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට ඇත. ඒ අනුව තරගාවලිය එළඹෙන ජුලි මස 30වනදා සිට අගෝස්තු මස 22වනදා දක්වා පැවැත්වෙනු ඇත.

රට තුළ උද්ගතව පවතින කොවිඩ් අවධානම හේතුවෙන් තරගාවලිය කල් දැමීමට සිදුවුවහොත් එය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විදායක නිළධාරී ඈෂ්ලි සිල්වා මහතා ප්‍රකාශ කොට තිබුණි. නමුත් එසේ කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට නොමැති අතර තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙනු ඇත

Leave a comment

Creedanet