Lungi Ngidi සහ Anrich Nortje ගේ සුපිරි පන්දු යැවීම් හමුවේ කොදෙව් දකුණු අප්‍රිකා පළමු දිනය නිමයි!

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩකයන් වන Anrich Nortje සහ Lungi Ngidi දෙපළගේ සුපිරි පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනයේ වාසිය සම්පූර්ණයෙන්ම තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ලකුණු 97 කට සීමා කරමින්. එක දිගට කඩුලු බිඳ වැටුන කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ Jason Holder ය. ඒ ලකුණු 20ක් රැස් කරමිනි. කොදෙව් ඉනිමේ ලකුණු 20 සීමාවට ළඟා වූ එකම පිතිකරු වූයේත් Jason Holder පමණය. පන්දු යැවීමේදී Ngidi කඩුලු 5ක් සහ Nortje කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් විය.

පිළිතුරු ඉනිම ලෙසට තම ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානුවන්ගේ පළමු කඩුල්ල ලෙසට නායක Dean Elgar ව ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට පිටත් කිරීමට Kemar Roach සමත් විය. ඉන් අනතුරුව තම මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන Jayden Seals විසින් කඩුලු 3ක් දිනය තුළ බිඳ හෙලුවත් Aiden Markram ලකුණු 60ක් රැස් කරගනිමින් දිනයේ වාසිය දකුණු අප්‍රිකාව දෙසට ඇද බැඳ තබා ගැනීමට සමත් වුනා. දිනය අවසන් වන විට තම ප්‍රථම ඉනිම දියත් කර සංචාරක දකුණු අප්‍රිකානුවන් කඩුලු 4 කට ලකුණු 128ක් ලබාගෙන කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 31ක් ඉදිරියෙන් පසුවනවා.

තරඟයේ කෙටි ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම 97 (40.5)

Jason Holder 20(41) Shai Hope 15(32)

Lungi Ngidi 19/5 Anrich Nortje 35/4

දකුණු අප්‍රිකාව පළමු ඉනිම 128/4 (43)

Aiden Markram 60(110) Rassie Van Der Dussen 34(104)*

Jayden Seals 34/3 Kemar Roach 27/1

Featured Image – Cricketnmore

Leave a comment

Creedanet