Messi ගේ උපන්දින සැමරුමට ප්‍රථම Barcelona කණ්ඩායම නැවතත් Laliga පෙරමුණට!

අදට යෙදී ඇති Lionel Messi ගේ 33 වන උපන්දින සැමරුමට ප්‍රථමව නැවතත් ලීගයේ ප්‍රථම ස්ථානයට පත් වීමට Barcelona සමත් වුනා.ඒ Athletic Club Bilbao සමග පැවති තරගය ගෝල 1-0ක් ලෙසට තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් අනතුරුවයි. මේ තරගවාරයේ ලීගයේ ආරම්භක තරගය ලෙසින් Athletic Club සමග පැවති තරගයත් ක්‍රීඩා සමාජ කුසලානය වන Copa Del Rey තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයත් ගෝල 1-0 ලෙසින් Barcelona කණ්ඩායම පරාජයට පත් වී තිබුණා.මේ අනුව මෙකී තරගය ජයග්‍රහණය කිරීම ඔවුන්ට අත්‍යවශ්‍යම කරුණක් බවට පත් වී තිබූ මොහොතක තවදුරටත් තරගය ගමන් කලේ 0-0 ලෙසටයි.

(Photo by Eric Alonso/Getty Images)

නමුත් තරගය අවසාන වීමට මිනිත්තු 19ක් තිබියදී ක්‍රියාත්මක වුනු Lionel Messi ලබාදුන් පන්දුව සාර්ථක පරිදි Ivan Rakitic විසින් ගෝල දැල තුළට යොමු කලේ අවසානයේ Athletic Club ආරක්ෂක වළල්ල තුලින් රිංගා යමින්.ඒ අනුව ගෝල 1-0 ලෙසට ජයග්‍රහණය වාර්තා කරගත් Barcelona කණ්ඩායම නැවත ලීගයේ ප්‍රථම ස්ථානයට පැමිණියා.තරග 31 අවසානයේ ඔවුන් මෙලෙස පෙරමුණේ පසුවද්දි දෙවන ස්ථානයේ රැදී සිටින Real Madrid තවමත් තරග 30ක් පමණයි ක්‍රීඩා කර සිටින්නේ. ඔවුන්ට අද පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම තුළින් නැවත පෙරමුණට පැමිණිමට හැකි වනු ඇති. කෙසේ හෝ Barcelona කණ්ඩායමේ දැල් රකින්නා වන ජර්මානු ජාතික Marc Andre Ter Stegan විසින් එක දිගට ගෝල ලබා නොදෙමින් අවසන් කල 5 වන තරගය ලෙසටත් මෙය සටහන් වුනා.

ඊයේ පැවති තරග අතුරින් Levente සහ Atletico Madrid අතර තරගයේදී 15 විනාඩියේදී Levente ක්‍රීඩක Gonzalez විසින් ලබා දුන් Own ගෝලය නිසා ගෝල 1-0 ලෙසට ප්‍රසාද ලකුණු 3 ම තමන් සතු කර ගැනීමට Atletico Madrid කණ්ඩායම සමත් වුනා.ඒ ඔවුන්ව ලීග සටහනේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට ගෙන එමින්.පසුගියදා Sevilla කණ්ඩායම Villareal සමග තරගය සම වීම නිසා Atletico Madrid මේ වන විට 3 ස්ථානය තහවුරු කරගෙන සිටිනවා.

මීට අමතරව පැවති Getafe සහ Real Valladolid අතර තරගය 1-1 ලෙසට සම මට්ටමින් අවසන් වුනා.අද දිනයේදී පැවැත්වීමට නියමිත තරග (තරග ආරම්භක වේලාව ශ්‍රී ලංකා වේලාවෙන් දැක්වේ)

Deportivo Alaves vs Ossasuna (රාත්‍රි 11)
Real Socidad vs Celta De Vigo (රාත්‍රි 11)
Real Madrid vs Mallorca (අලුයම 1 30)

Premier League තරගාවලිය

ඊයෙ පැවති එංගලන්ත Premier League තරගාවලියේ තරග අතුරින් Manchester City කණ්ඩායම විසින් Burnely ට ගෝල 5-0ක් ලෙසට දරුණු ප්‍රහාරයක් එල්ල කලා.Riad Maharez විසින් ගෝල ද්විත්වයක් වාර්තා කර ගැනීමටද සමත් වුනා.

ඒ වගේම Leicester City සහ Brighton And Hove තරගය 0-0 ලෙසටයි අවසන් වුනේ.පළමු භාගයේ Brighton හට ලැබුණ දඩුවම් පහර ගිලිහී යාම ඔවුන්ට තරගයේ ජයග්‍රහණය අහිමි කලා.නැවත තරග ආරම්භයෙන් පසුව තමන් මුහුණ දුන් තරග ද්විත්වයම සම වුනත් තවදුරටත් Leicester City ලීග සටහනේ තෙවන ස්ථානයේ රැදී සිටිනවා.

Image Source – https://cdnuploads.aa.com

දිගින් දිගටම මෙම තරගවාරයේ පසු බෑමට ලක්ව සිටින Tottenham කණ්ඩායම ඊයේ West Ham United ට එරෙහිව ගෝල 2-0ක් ලෙසට ජයග්‍රහණය වාර්තා කලා.එම ජයග්‍රහණයත් සමගම ඔවුන් ලීගයේ 7 වන ස්ථානයට පැමිණීමට සමත් වී තිබෙනවා.තවදුරටත් Champions League තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ස්ථානයකට පැමිණීමට නම් Tottenham ට විශාල වශයෙන් වෙහෙසක් දැරීමට සිදු වනු ඇත.

අද පැවැත්වීමට නියමිත තරග

Manchester United vs Sheffield United (රාත්‍රි 10 30)
Newcastle United vs Aston Villa (රාත්‍රි 10 30)
Norwich City vs Everton (රාත්‍රි 10 30)
Wolvehampton vs AFC Bournemouth (රාත්‍රි 10 30)
Liverpool vs Crystal Palace (අලුයම 12 45)

Serie A තරගාවලිය

Hellas Verona සමග පැවති තරගය ගෝල 2-0 ලෙසට ජයග්‍රහණය කරමින් Napoli කණ්ඩායම මෙවර තරගවාරයේ පසුබාමින් සිටින ලීගයේ 6 වන ස්ථානය තෙක් පැමිණීමට සමත් වුනා.ඒ වගේම Cornelius විසින් රැස් කල ගෝල ත්‍රිත්වය නිසා Parma කණ්ඩායම ගෝල 4-1 ලෙසින් Genoa සමග පැවති තරගය ජයග්‍රහණය කලා.

තවදුරටත් පැවති තරග අතුරින් ගෝල 1-0 ලෙසට Udinese පරාජයට පත් කරමින් Torino ජයග්‍රහණය කලා.ලීග සටහනේ දෙවන ස්ථානයේ රැදී සිටිමින් Juventus ට දරුණු තර්ජනයක් එල්ල කරමින් සිටින Lazio අද දිනයේදී තම නැවත පැමිණීමේ ප්‍රථම තරගය තීරණාත්මක එකක් ලෙසින් Atalanta සමග තරග වදිනවා.අද පැවැත්වෙන තරග අතර,

Internazionale vs Sassuolo (රාත්‍රි 11)
Atalanta vs Lazio (අලුයම 1 15)
Roma vs Sampdoria (අලුයම 1 15)

Leave a comment

Creedanet