Messi 2026 තෙක් Barcelona සමග රැඳී සිටියිද?

Barcelona සුපිරි ක්‍රීඩක ආජන්ටිනා ජාතික Lionel Messi ඉදිරි වසර 5 සඳහාම Barcelona කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වනු ඇති බවට වාර්තා වේ. පසුගිය සමයේදී Messi විසින් Barcelona කණ්ඩායම හැරදා යන බවට පුවත් පළවූ අතරම කණ්ඩායමේ කළමනාකාරීත්වය සම්බන්ධව තිබූ ගැටලු මෙයට හේතු විය. නමුත් එකී කළමනාකාරීත්වය වෙනස් වීමත් සමගම Messi විසින් ඉදිරියටත් Barcelona සමගින් රැඳී සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

Messi විසින් 2026 වසර දක්වා Barcelona සමගින් එක් වීමට නියමිත බවට Barcelona ආරංචි මාර්ග සඳහන් කර සිටී. පැවති කොන්ත්‍රාතුව මේ වන විටත් අවසන් වී ඇති අතර මේ නිසා Messi හට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා සමාජයක්ද නොමැති පසුබිමක් පවතී. 2026 වනතෙක් Messi විසින් Barcelona සමගින් රැඳී සිටීමට එකඟ වන බව නව කොන්ත්‍රාතුවෙන් සඳහන් වේ.

34 හැවිරිදි Messi මේ වන විට Barcelona ක්‍රීඩා සමාජයේ මූල්‍යමය අර්බුද නිසා ක්‍රීඩකයන් හට කෙරෙන වැටුප් කප්පාදුවටද එකඟ වී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඔහුගේ වැටුපෙන් 50% කට අධික ප්‍රමාණයක් කපා දැමීමටද සිදු වෙයි.

Featured Image – Getty Images

Leave a comment

Creedanet