Pep Guardiola Manchester City සමගම රැඳී සිටියි!

Manchester City කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ස්පාඤ්ඤ ජාතික Pep Guardiola විසින් තමන් දිගටම Manchester City කණ්ඩායම සමග රැඳී සිටින බවට ප්‍රකාශ කර සිටියා.

ඔහුගේ Manchester City කණ්ඩායම අද දිනයේ තම ක්‍රීඩා සමාජ ඉතිහාසයේ තීරණාත්මකම තරඟය ක්‍රීඩා කිරීමට නියමිත වනවා. ඒ 2020/21 තරඟවාරයේ යුරෝපීය ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ අවසන් තරඟයටයි. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 12 30 ට පමණ මෙකී තරඟය පෘතුගාලයේ Porto නගරයේදී පැවැත්වීමට සූදානම් කොට තිබෙනවා.

අවසන් මහා තරඟයේදී Manchester City සහ තවත් එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජයක්ම වන Chelsea එකිනෙක ගැටීමට නියමිත වනවා.

“තරඟයේ අවසන් ප්‍රතිඵලය ජයග්‍රහණය වුවත් පරාජය වුවත් තරඟය මා දිගටම Manchester City සමගින් රැඳී සිටීවි. ලොව සිටින සතුටුදායකම මිනිසා මමයි” යනුවෙන් Pep Guardiola ප්‍රකාශ කර සිටියා.

ඔහු නැවත වතාවක් Barcelona කණ්ඩායමේ පුහුණුකරු ලෙසට එක් වනු ඇති බවට යම්කිසි කටකතා පැතිර තිබියදී ඔහු එයට පිළිතුරක් වශයෙන් මෙය ලබාදුන්නා යැයි සමහර විදෙස් මාධ්‍ය දක්වා තිබුණා.

Featured image – Vbet news

Leave a comment

Creedanet