Roma කණ්ඩායමේ පුහුණුකරු ධූරය Jose Mourinho හට. !!!

පසුගිය අගහරුවාදා දින මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් Roma කණ්ඩායම් කලමණාකාරීත්වය පවසා සිටියේ ප්‍රධාන පුහුණුකරු ධූරය Paulo Fonseca ගෙන් ඉවත්කර Jose Mourinho හට ලබාදෙන බවයි. ඒ අනුව Mourinho මෙවර 2021-2022 තරගවාරයේ Roma කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

මෙවර තරගවාරයේ එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන කණ්ඩායමක් වන Tottenham Hotspur කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල Mourinho හට එම කණ්ඩායම් කලමණාකාරීත්වය සමග ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් එම ධූරයෙන් ඉවත් වීමට සිදුවිය.

Roma කණ්ඩායම මේ වනවිටත් Serie A තරගාවලි සටහනෙහි හත්වන ස්ථානය දක්වා පසුබැස ඇත. ඒ නිසාවෙන් ලබන තරගවාරයේ යුරෝපා ලීග් පාපන්දු තරගාවලියට ඔවුන්ට ක්‍රීඩා කිරීමට ඇති ඉඩකඩද බොහෝ සීමිතය. අනෙක් අතට මෙවර යුරෝපා ලීග් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයේ පළමු තරගයේදී ඔවුන් ප්‍රභල මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හමුවේ 6-2 ක් ලෙස පරාජයට පත්විය. ඔවුන්ට අවසන් තරගයට ප්‍රවිශ්ඨ වීමට නම ඉදිරි තරගයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ගෝල 4 ක පරතරයකින් යුතුව පැරදිය යුතුය.

කෙසේනමුත් 58 හැවිරිදි පෘතුගාල ජාතික Jose Mourinho යනු ශ්‍රේෂ්ඨ පාපන්දු පුහුණුකරුවෙකු මෙන්ම දක්ෂ කණ්ඩායම් කලමණාකරුවෙකුද වන බව අවිවාදාත්මකය. ඔහුගේ මෙම ආගමනයත් සමග Roma කණ්ඩායම ඉතා විශිෂ්ඨ ජයග්‍රහණ රාශියකට නුදුරේදී හිමිකම් කියනු ඇතිබවට දෙස් විදෙස් ක්‍රීඩා විචාරකයින්ගේ මතයයි.

Leave a comment

Creedanet