Ronaldo සහ Messi දෙදෙනාම PSG ක්‍රීඩා කරයිද?

Cristiano Ronaldo සහ Lionel Messi යන නාමය ගත් කළ එය පාපන්දු ලොව වර්තමාන දශකයේ නොමැකෙන නාමය වී අවසානය. ඔවුන් දෙපළගේ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවද එසේය. මේ ආකාරයෙන් යුගයක් පුරාවටම ලොව පුරා ජනප්‍රිය වී සිටින Ronaldo සහ Messi දෙදෙනාම එකවර එක් කණ්ඩායමකට ක්‍රීඩා කරන ආකාරය දැක ගැනීමට සිහින දකින ප්‍රේක්ෂකයන් ද ලොව පුරාම දැකගත හැකිය.

මේ වන විට මෙකී ක්‍රීඩකයන් දෙපළම යුරෝපයේ අංක එකේ ක්‍රීඩා සමාජ වන ප්‍රංශයේ PSG සහ ඉතාලියේ Juventus යන ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කරයි. පසුගියදා තම වෘත්තීයමය ක්‍රීඩා දිවියම ක්‍රීඩා කළ Barcelona කණ්ඩායම හැරදා PSG සමගින් එක්වීමට Lionel Messi හට සිදු වූයේ Barcelona හි ඇතිවූ මූල්‍යමය අර්බුද හේතුවෙනි. කෙසේ වෙතත් මේ නිසාවෙන්ම Barcelona කණ්ඩායම හැරදා ගිය Messi ප්‍රංශයේ PSG සමගින් එක් විය.

Messi විසින් PSG සමග එක්වීම නිසාවෙන් එහි සිටිනා ප්‍රහාරක ක්‍රීඩක Kylian Mbappe හට PSG කණ්ඩායමෙන් ඉවත් වී ස්පාඤ්ඤයේ Real Madrid සමගින් එක් වීමට අවශ්‍ය වී ඇති බව නවතම වාර්තා වල සඳහන් වේ. මෙලෙස Mbappe විසින් Real Madrid සමගින් එක් වුවහොත් PSG කණ්ඩායමේ ප්‍රහාරක ක්‍රීඩක යන ස්ථානයේ යම්කිසි හිඩසැක් මතු වේ. මේ නිසාවෙන්ම එකී ස්ථානයට Cristiano Ronaldo ව එක් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

Ronaldo ගේ Juventus සමගින් පවතින කොන්ත්‍රාතුව එළඹෙන වර්ෂයෙන් අවසන් වීමට නියමිතය. මෙහිදී Ronaldo ව Free Agent වෙනත් ආකාරයකින් කිවහොත් ඔහුව කිසිඳු ලාභයකින් තොරව පිට කිරීමටද Juventus සූදානමක් නොමැති බව විදෙස් මාධ්‍ය උපුටා දැක්වීමේදී ප්‍රකාශ කළ හැකිය. මේ හේතුව නිසාවෙන්ම ඔහුව මේ වසරේදී කොන්ත්‍රාතුව අවසන් වීමට ප්‍රථමයෙන් කණ්ඩායමට ලාභයක් ලබාගෙන ඉවත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

එසේ වුවහොත් Ronaldo ව ලබා ගැනීමට සූදානමින් පසුවන කණ්ඩායම් අතරේ ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රංශයේ PSG කණ්ඩායමය. ඔවුන් විසින් මෑත කාලීනව සිහින පාපන්දු තරු ත්‍රිත්වය ලෙසින් නම් දැරූ Ronaldo, Messi සහ Neymar යන ත්‍රිත්වය එකම කණ්ඩායමකට එක් කිරීමට සූදානමකින් පසු වේ. නමුත් Mbappe විසින් PSG හැර නොගියහොත් නැවතත් Cristiano Ronaldo විසින් Real Madrid සමගින් එක් වීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.

කෙසේ වෙතත් පවතින ආරංචි මාර්ග අනුව යුගයේ විශිෂ්ටතම පාපන්දු තරු ත්‍රිත්වය එකම කණ්ඩායමකට ක්‍රීඩා කරයිද යන්න පිළිබඳව ප්‍රේක්ෂකයන් තම අවධානය යොමුකරගෙන සිටිති. එය එසේ වුවහොත් පාපන්දු ඉතිහාසයේ වඩාත් තීරණාත්මකම සහ සොඳුරුතම මොහොතක් ලෙසින් එය නම් කිරීමට හැකිවනු ඇත.

Featured Image – AS English

Leave a comment

Creedanet