Sergio Aguero නිල වශයෙන් Barcelona සමග එක්වෙයි.

ආර්ජන්ටිනා ජාතික ප්‍රහාරක ක්‍රීඩක Sergio Aguero ඊයේ දිනයේදී නිල වශයෙන් ස්පාඤ්ඤයේ Barcelona කණ්ඩායමත් සමගින් වසර 2 ක කාලයක් සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගත වුනා. Aguero Barcelona සමග එක් වූයේ එංගලන්තයේ Manchester City කණ්ඩායමෙන් ඉවත් වෙමිනුයි.

හෙට දිනයේදී තම 33 වන උපන්දිනය සැමරීමට නියමිත වන ඔහු මීට ප්‍රථම ස්පාඤ්ඤ ක්‍රීඩා සමාජයක් වන Atletico Madrid සමගත් ක්‍රීඩා කලා. ඔහුගේ Barcelona ආගමනය ඇතැම් ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් අනුමත නොකරන්නේ ඔහුගේ වයසත් සමග දක්ෂතා දැක්වීමේ ගැටලුවකට ඔහු මුහුණ දෙනු ඇත්දැයි විමසමිනි.

කෙසේ වෙතත් යුගයේ බිහිවූ දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩකයෙක් ලෙසට නම් දරා ඇති Aguero 2011 වර්ෂයේ සිට Manchester City කණ්ඩායම නියෝජනය කලා. එහිදී ගෝල 260ක් වාර්තා කල ඔහු විසින් 5 වතාවක් එංගලන්තයේ Premier League ශූරතාවය Manchester City වෙතට දිනා දීමට තම දායකත්වය ලබා දුන්නා.

1968/68 තරඟවාරයෙන් අනතුරුව වසර 44 කින් පසුව Manchester City කණ්ඩායමක් Premier League ශූරතාවය දිනා ගනිද්දී අවසන් එහි අවසන් මොහොතේ ගෝලය රැස් කරගත්තේද Aguero විසිනි. Manchester City එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙසටද Premier League ඉතිහාසයේ තනි ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් වැඩිම ගෝල රැස් කල ක්‍රීඩකයා ලෙසටද ඔහු තම Premier League ගමන නිමා කලා.

මූල්‍යමය අර්බුදයක සිරවී සිටින Barcelona කණ්ඩායම වෙනුවෙන් වැටුප් කප්පාදුවකටද එකඟ වී පැමිණීම නිසා බොහෝ Barcelona ප්‍රේක්ෂකයන් ඔහුව ගෞරවයෙන් තම ක්‍රීඩා සමාජය වෙතට පිළිගනු ලබන ආකාරය දක්නට ලැබෙනවා.

Featured image – The Guardian

Leave a comment

Creedanet