T20 ලෝක කුසලාන සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ??

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය. නමුත් කොවිඩ් දෙවන රැල්ල නිසාවෙන් දිනෙන් දින ඉහල යන කොවිඩ් රෝගීන් හා කොවිඩ් මරණ හේතුවෙන් ඉන්දියාවේ සත්කාරකත්වය පිලිබද විවිධ ගැටලු මතුව තිබේ.

මේ වන විට ඉන්දියාවේ කොවිඩ් රෝගය නිසා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ශ 2 ක ඉක්මවා ඇති අතර දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන් ගණන ආසන්න වශයෙන් ලක්ෂ 3කට අධිකය. මේ හේතූන් නිසාම මේ වනවිට පැවැත්වෙන IPL තරගාවලියට ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයන් ඉන්දියාවෙන් පිට වීමට පටන්ගෙන ඇත.

මෙවන් පසුබිමක් තුල 2020 ලෝක විස්සයි විස්ස ශූරතාවලිය ඉන්දියාවේ පැවැත්විය හැකිදැයි යන්න BBC ක්‍රීඩා පුවත් සේවය ඉන්දියානු ක්‍රිකට් පරිපාලන මණ්ඩලයේ නියෝජිතයකු වන ධීරජ් මල්හෝත්‍රාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර සිටියේ තවමත් මෙම තත්වය පාලනය කර ඉන්දියාව තුල මෙම තරගාවලිය පැවැත්වීමට හැකි වේ යන විශ්වාසය ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තුල ඇති බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ධීරජ් මල්හෝත්‍රා ප්‍රකාශ කර ඇත්තේ යම් හෙයකින් කොවිඩ් වසංගතය උත්සන්න වී ඉන්දියාව තුල විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් ඇතිවුවහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල එම ලෝක කුසලානය පවත්වනු ඇති බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල පැවැත්වූවත් එහි සංවිධාන කාර්‍යාභාර්‍ය්ය සිදුවන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පමණක් බව ඔහු ප්‍රකාශ කර ඇත. ඔවුන් ගියවර IPL තරාගවලිය පැවැත්වූයේද එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල නිසාවෙන් අවශ්‍ය වුවහොත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියද එහි සංවිධානය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හැකි බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

Leave a comment

Creedanet