The Hundred ආකෘතියේ අපිට එකපිට පන්දු 10කින් කඩුලු 10 ගන්න පුළුවන්. – රශිඩ්.

ක්‍රිකට් ක්‍රීඩාවට ගෙවුණු කාලසාමය තුළ දැවැන්ත පෙරළීකාර නව තරඟ රටා රැසක් අවතීර්ණ වුණා. විස්සයි විස්ස තරඟ රටාව මෙන්ම T10 තරඟ රටාවත් ක්‍රීඩාවේ උද්යෝගය, වේගවත් බව සහ ජවය එන්න එන්නම වැඩි කිරීම එම නව තරඟ රටාවන්ගේ සුවිශේෂී බව තව තවත් වැඩි කළ බව නොරහසක්. මේ හේතුවෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ජනප්‍රියතාව තව තවත් ඉහළ ගියා.

මේ වෙනස්කම් රැල්ලේ නවතම හඳුන්වාදීම “The 100” තරඟාවලිය පසුගියදා ආරම්භ වුණේ එංගලන්තයේදී. ඉණිමකදී එක් කණ්ඩායමකට පන්දු 100 හිමිවන මෙම තරඟාවලිය ක්‍රීඩාවේ වේගවත් බව තවත් ඉහළ දමන බව පැහැදලි.

මෙම තරඟ රටාවේ එක සුවිශේෂී නීතියක් වන්නේ පන්දු යවන්නෙක්ට එක දිගට පන්දු 10ක් යොමු කිරීමට අවස්තාව හිමිවීමයි. එක පන්දු යවන්නෙක්ට පන්දු 25ක් යොමු කිරීමට අවස්තාව හිමිවන අතර එම පන්දු 25 යොමු කිරීමේදී ක්‍රීඩකයෙක් ට අවශ්‍ය නම් එක දිගට පන්දු 10ක් යොමු කිරීමට අවස්තාව හිමිවනවා.

මෙම සුවිශේෂී නිතිය පිලිබඳ මෙම තරඟාවලියට ක්‍රීඩකයින් තෝරාගැනීමේ දී මුලින්ම කණ්ඩායමක් විසින් තෝරාගත ක්‍රීඩකයා බවට පත්වුණු රෂීඩ් ඛාන් මෙලෙස අදහස් දක්වා තිබුණා.

මම මේ පන්දු 10ක් එක දිගට යොමු කිරීමේ අවස්ථාව ගැන අතිශයින්ම උනන්දුවෙන් පසුවනවා. මේ හරහා ඔබට අවස්තාවක් හිමිවනවා එක පෙළට පන්දු 10ක් තුළ කඩුලු 10ක් දවාගන්න. ඒ වගේම පිට පිටම පන්දු 10ක් ලැබීම නිසා කඩුලු ත්‍රිත්වයන් 3ක් එක පෙළට වාර්තා කරන්නත් අවස්තාව හිමිවනවා. ඒක අපිට තියෙන වාසියක්.

යනුවෙන් රෂිඩ් අදහස් දක්වා තිබෙනවා.

මූලික වටයේ තරඟ 32 කින් සමන්විත මෙම තරඟාවලියේ මූලික වටයේ තරඟ 10ක් මේ වන විට අවසන්. කණ්ඩායම් 8ක් මෙම තරඟාවලියට සහභාගී වන අතර ලකුණු සටහනේ පළමු ස්ථාන 4හි සිටින කණ්ඩායම් අවසන් තරඟයට සුසුදුකම් ලැබීම වෙනුවෙන් තරඟ වදිනු ඇති.

කෙසේ නමුත් නව්‍යතා රැසක් සමඟ කරලියට පැමිණි මෙම The 100 ආකෘතිය ප්‍රේක්ෂකයින් කෙසේ වලන්දගනී ද ? එය දිගුකාලීනව සාර්ථක වේවිද ? මේ සියලු ගැටළු වලට අගෝස්තු මස 15 වනදා තෙක් දියත් වන තරඟාවලිය අවසානයේ පිළිතුරු ලැබෙනු ඇති.

Leave a comment

Creedanet