Trent Boult එංගලන්තය සමග දෙවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට සූදානම්

එංගලන්තය සමග Lords හීදි පැවති පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක Trent Boult දෙවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කරනු ඇති බවට නවසීලන්ත කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කොට සිටිනවා.

ඔහු මෙකී තරඟය ක්‍රීඩා කිරීමත් සමගම එළඹෙන ජූනි මස 18 වනදා ඇරඹීමට නියමිත ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයටද ඔහුගේ සහභාගීත්වය සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නවසීලන්ත ආරංචි මාර්ග වලට අනුව වමත් දඟ පන්දු යවන ක්‍රීඩක Mitchell Santner ගේ ඇඟිල්ලක සිදුවී තිබෙන ආබාධයක් නිසා ඔහුට Edgbaston ටෙස්ට් තරඟය ගිලිහී යනු ඇති බවට වාර්තා වනවා. ඔහු වෙනුවට පාදයේ ආබාධයකට ලක්ව සුවය ලබා සිටින Ajaz Patel හෝ Sachin Ravindra ටෙස්ට් වරම් දිනා ගැනීමට හෝ නියමිත වනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව නිමාව දුටු අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය හෙට දිනයේදී Edgbaston හීදි ආරම්භ වීමට නියමිතයි.

Featured Image – ESPNCricinfo

Leave a comment

Creedanet